WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීන ජාතික සැසිවාර පිළිබඳ විද්වත් සාකච්ඡාවක් කොළඹ

2025 March 17- Page Views : 1187

2025 වසරේ චීන ජාතික සැසිවාර දෙක පිළිබඳ පසුගිය දා කොළඹදී විද්වත් සංවාදයක් පැවැත්වුණා.

එය සංවිධාන කළේ චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයයි.

දිගුකාලීන සැලසුම්වල කාලීන අවශ්‍යතාව අවධාරණය කරමින් ජාතික ප්‍රතිපත්ති මත ඉදිරියට යාමේ වැදගත්කම එහිදී අවධාරණය කෙරුණා.

චීනය සිය ආර්ථික හා සාමාජීය ඉලක්ක සපුරා ගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටින අතර සංවර්ධනයේ නව ජයග්‍රහණ ලබා ගැනීමේ අධිෂ්ඨානය හා අදාළ සැලසුම් මෙවර චීන රාජ්‍ය කාර්ය වාර්තාවෙන් පෙන්නුම් කළ බවයි එහිදී සඳහන් කෙරුණේ.

එම සැලසුම් වත්මන් ලෝකයේ ප්‍රගමනයට ලබා දෙන දායකත්වය සහ එම සැලසුම් තුළින් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි ආදර්ශයන් මෙම සංවාදයේදී පුළුල් ලෙස අවධානයට ලක් වුණා.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වෛද්‍ය ජී.වීරසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ, චීන අධ්‍යයනය පිළිබඳ විශේෂඥ මලයාසියාවේ ක්වාලාලාම්පූර් විශ්විද්‍යාලයේ, මහාචාර්ය සමිත හෙට්ටිගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් අධ්‍යයනාංශයේ හිටපු ශ්‍රී ලංකා අධ්‍යක්ෂ කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය විමල් හේවාමානගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ, දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක, ජාතික ජනබල වේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නීති කමිටු සාමාජික ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිඳු පෙරේරා යන මහත්වරු එහිදී අදහස් ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.