WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෝටර් රිය තාප්පයක හැපී රක්ෂණ නිලධාරියා මරුට

2025 March 17- Page Views : 1187

සිය පෙම්වතිය හමුවීමට ගොස් නිවස කරා යමින් සිටී රක්ෂණ නිළධාරියෙකු මෝටර් රථය තාප්පයක ගැටී මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටී ඩී.ඒ. උත්පල පසිදු නමැති 22 හැවිරිදි තරුණයෙකු බව සදහන් වේ.

මියගොස් ඇති තරුණයා පානදුර ගගුල විහාරස්ථානය අසල දී මෝටර් රථය තාප්පයක ගැටීමෙන් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මියගොස් ඇති තරුණයාගේ මෝටර් රථයේ ආරක්ෂක බැලූන් ක්‍රියාත්මක වී ඇතත්, ඔහු රියදුරු අසුනේ ආරක්ෂක පටි පැළද නොසිටීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇති බව පරීක්ෂණ සිදුකරන නිළධාරියෙක් කීය.