WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නියමුවන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය සාර්ථකයි

2025 March 17- Page Views : 31

නියමුවන් හෝ වෙනත් කිසිවකු නැතිව, භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ කුඩා සැහැල්ලු ගුවන් යානයක්, සිය පළමු පියසැරිය සාර්ථකව අවසන් කළේය.

චීනයේ නිෂ්පාදිත ‘ටීපී1000’ යනුවෙන් නම් කළ මෙම කුඩා ගුවන් යානය, චීනයේ ෂැංග්ඩොං පළාතේ දී මෙම ගුවන් ගමන සාර්ථකව නිමා කළ බව විදෙස් මාද්‍ය වාර්තා පෙන්වා දෙයි.

ගුවනේ සිට භාණ්ඩ බෙදා හැරිය හැකි චීනයේ නිෂ්පාදිත ප්‍රථම මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ​මෙය යැයි ද පැවැසෙයි.්‍

ඩ්‍රෝන යානාවල පියසැරි තාක්ෂණය භාවිතයට ගනිමින්, චීනය සියයට 100 ක් ඔවුන්ගේ තාක්ෂණය යොදා ගනිමින් මෙම ‘ටීපී1000’ ගුවන් යානය නිර්මාණය කර ඇත.

ගුවන් යානයෙන් ටොන් එකක ධාරිතාවක් දක්වා ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇති බවත් එතරම් බරක් සමඟ ගුවන් යානයට කිලෝමීටර් 1000 ක දුරක් පියාසර කිරීමට හැකි බවත් පැවැසෙයි.්‍