WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තැපෑලේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි – සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් වැඩ වරන්න යයි

2025 March 17- Page Views : 1187

ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ තැපැල් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටවූ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා.

තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය හා ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව පසුගියදා ප්‍රකාශ කළා.

ඒ ඉල්ලීම් 7ක් මුල්කර ගනිමින්.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග එම සංගම් සාකච්ඡාවක් පැවැත්වූවා.

අනතුරුව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පැවසුවේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටවූ බවයි.

කෙසේ වෙතත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලුන ද බොරැල්ල තැපැල් කාර්යාලයේ නිලධාරීන් සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතුවල නියැලෙනවා.

මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනය සහ විරෝධතාව අද දිනයේ පැය 3ක් ක්‍රියාත්මක කරන බවයි එම සංගමය පැවසුවේ.

මේ අතර රජයේ සේවකයින්ට දැනෙන පරිදි මූලික වැටුප වැඩිකර ඇති පසුබිමක පසුගිය ආණ්ඩුවලින් වරප්‍රසාද ලබාගත් ඇතැම් වෘත්තීය සමිති නායකයින් පටු අරමුණු වෙනුවෙන් රාජ්‍ය සේවකයින් මෙහෙයවන බවයි සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච් එම් එස් බී මැදිවත්ත මහතා පැවසුවේ.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති මුදල් අමාත්‍යාංශය සමග අද සාච්ඡාවක් පැවැත්වුවා.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් එම සාකච්ඡාවට එක් වුණා.

තම සේවකයන්ට බලපෑ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ ද මෙතෙක් විසඳුම් නොලැබුන බව පවසමින් හෙට දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා.