ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තද වැසි
2025 March 18- Page Views : 1187
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.
නැගෙනහිර පළාතෙත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.