WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හොරෙන් ගෙනා දුම්වැටි සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

2025 March 18- Page Views : 1187

රුපියල් හතළිස් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ , ගුවන් මගියෙකු සමග අද (18) දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවට්කාඩු ප්‍රදේශයේ පදිංච් 21 හැවිරිදි තරුණයෙක්.

මෙම දුම්වැටි තොගය ඩුබායි වලින් මිළදී ගෙන , කුවේට් රාජ්‍යය වෙත පැමිණ , එතැන් සිට ජසීරා ගුවන් සේවයේ ජේ.- 9551 දරන ගුවන් යානයෙන් අද (18) අලුයම 03.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන පැමිණි ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 27,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 135 ක් සඟවා ගෙන සිටියදී සිය භාරයට ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළේ.

මේ වනවිට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළඹෙන (19)දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.