සෞඛ්‍ය වැඩවර්ජනය අද
2025 March 18- Page Views : 1187
සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් සැලසුම් කළ පරිදි අද දීපව්‍යාප්ත වර්ජනයක නිරත වනවා.
ඒ අනුව, උදෑසන 07 සිට එක්දින සංකේත වර්ජනයක නිරත වන්නේ සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සම්මේලනය, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 18ක්.
රෝහල්වල හදිසි සහ අත්‍යවශ්‍ය මෙන්ම ජීවිතාරක්ෂක සේවා පමණක් සිදු කෙරෙන අතර ඖෂධ නිකුත් කිරීම, රසායනාගාර, විකිරණ සේවා, මහජන සෞඛ්‍ය හා පවුල් සෞඛ්‍ය, භෞත චිකිත්සක කටයුතු මෙන්ම අක්ෂි තාක්ෂණවේද කටයුතු වර්ජනය හේතුවෙන් අඩපණ වනු ඇති බවයි එම වෘත්තීය සමිති සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම වර්ජනය ළමා සහ මාතෘ රෝහල්, පිළිකා රෝහල්, මානසික සහ වකුගඩු රෝහල්වල සිදුවන්නේ නැහැ.