කටාන අවට ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්
2025 March 19- Page Views : 1187
කටාන උතුර කලාපයට අයත් ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ අද (19) පෙරවරු 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බවය.
ඒ අනුව බම්බුකුලිය, මුරුතාන, කටාන උතුර, කටාන බටහිර, නැගෙනහිර කටාන, උඩංගාව, මානචේරිය, තෝප්පුව, බටහිර කළුවාරිප්පුව, ඉහළ කදවල, පහළ කදවල, වැලිහේන උතුර, වැලිහේන දකුණ, ආඩික්කණ්ඩිය, ඇත්ගාල, ඇත්ගාල දකුණ, මහ ඇත්ගාල සහා නැගෙනහිර කළුවාරිප්පුව යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.
කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන උතුරු කලාපයේ ජල කුලුණු හා බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.