WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මැතිවරණයට ඇප තැන්පත් කිරීම අදින් අවසන්

2025 March 19- Page Views : 1187

පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ ඇප මුදල් තැන්පත් කිරීම අද (19) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලදී ඇප තැන්පත් කිරීම සිදු කරන අතර ඊයේ වනවිට පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසකින් ඇප තැන්පත් කර ඇති බවත් මැතිවරණ කොමිසම සදහන් කරයි.

පළාත් පාලන ආයතන 336 ක් සදහා ජන්ද විමසීම සිදු කෙරේ.