WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සෑම ගමකටම විදේශ රැකියා අවස්ථා

2025 March 20- Page Views : 28

වඩාත් නිපුණතාවයක් සහිත ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීම නව රජයේ අරමුණ බවත්, රැකියා අවස්ථා සියලුම ගම්මාන වලට සමානව ලබාදීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි.

එහිදී කිසිදු දේශපාලන මැදිහත්විමක් නොකොට තෝරා ගැනීමේදී පූර්ණ විනිවිද භාවයකින් යුතුව ඔවුන් තෝරා ගැනීමට අවශ්‍ය විධි විධාන යොදා ඇති බව ද ඔහු කියා සිටියේය.

ඊයේ (19) එම කාර්යාංශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ වසරේදි විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් 344,000 විදේශ ගත කිරීමට බලාපොරොත්තුවන බවය.

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්‍රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් 50 දෙනෙකුගෙන් යුත් ප්‍රථම කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මස පැවති ප්‍රායෝගික පරීක්ෂණවලින් තෝරාගත් මෙම පිරිස මේ වසරේ ජනවාරි මසදි ඊශ්‍රායලයට විදේශ ශ්‍රමිකයන් බඳවා ගන්නා ක්‍රමය වන ලොතරයි ඇදීම මගින් තෝරාගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කළ නිවේදනයේ සඳහන් වේ.

වසර 5 ක කාලයක් සඳහා රැකියා කිරීමට මේ යටතේ අවස්ථා හිමිව ඇත.