WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රන් මල්ලි මිතුරා සමග ජයටම කළ මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු රැසක් එළියට

2025 March 20- Page Views : 28

රුපියල් මිලියන 450ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 33කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු දික්වැල්ල ඌරුගමුව ප්‍රදේශයේදී ඊයේ (19) රාත්‍රියේ අත්අඩංගුවට ගැණුනි.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුවය.

දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේ නිවසක හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සඟවා ඇති බවට ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දින කිහිපයක සිට විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ රාත්‍රියේ අදාළ නිවස වැටලූ විමර්ශන නිලධාරීන් එහි තිබී හෙරොන් කිලෝග්‍රෑම් 33යි ග්‍රෑම් 106ක් අඩංගු පැකට් 29ක් සොයාගත්තේය.

අදාළ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, හරක් කටාගේ මත්ද්‍රව්‍ය හුවමාරු කරන 'රන් මල්ලි' නැමැත්තා විසින් එම මත්ද්‍රව්‍ය ඔහුට ලබාදී ඇති බවය.

රන් මල්ලි නැමැත්තා සැකකරු සමග එකම පාසලක, එකම පන්තියේ අධ්‍යාපනය හදරා ඇති අතර ඔවුන් දෙදෙනා සමීප මිතුරන් බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

රුපියල් කෝටි 45කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකරයි.

මෙම වැටලීම වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත සිදුකර තිබුණි.