මැතිවරණ පැමිණිලි ගැන පොලීසියෙන් නිවේදනයක්
2025 March 23- Page Views : 1187
එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා වන මැතිවරණ පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත පසුගිය 21 වැනි දින මැතිවරණ පැමිණිලි 03ක් වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
මහනුවර පොලිස් කොට්ඨාසයේ තලාතුඔය පොලිස් වසමේ කහඹිලියාව, මාරස්සන ප්‍රදේශයේ පිහිටි නිවසකට පහරදීම, මාතර කොට්ඨාසයේ ගන්දර පොලිස් වසමේ කපුගම උතුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධව පැමිණිල්ලක් ලද බවද පොලීසිය පවසයි.
තවද එදිනම කළුතර පොලිස් කොට්ඨාසයේ බේරුවල පොලිස් වසමේ හෙට්ටිමුල්ල, මල්බොක්ක මාර්ගය ඇතුළු මාර්ග පිලිසකර කරන බවට පැමිණිල්ලක් ලැබී ඇති අතර මේ සම්බන්ධව සිදු කළ විමර්ශනයේදී මෙම පිලිසකර කිරීමේ කටයුතු බේරුවල ප්‍රාදේශීය සභාව මගින් සිදුකරන බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව එම සිදුවීම සම්බන්ධව බේරුවල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිස් මූලස්ථානය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.