WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

NGO නිලධාරියෙකු, ව්‍යාපාරිකයෙකු ඇතුළු පිරිසක් අල්ලස් ගනිද්දී අල්ලයි

2025 March 23- Page Views : 1187

පාරම්පරික වෛද්‍යවරියකට ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබා දෙන පාරම්පරික වෛද්‍ය සහතිකය ලබා දෙන බව පවසා අල්ලස් ලබා ගැනීමට තැත් කළ ව්‍යාපාරිකයෙකු සහ තවත් තිදෙනෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පනාමුර ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරියක විසින් අදාළ පැමිණිල්ල අල්ලස් කොමිසම වෙත යොමු කර ඇති අතර ඒ අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ වෛද්‍යවරියට ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබා දෙන පාරම්පරික වෛද්‍ය සහතිකය එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ අනුදැනුම මත ලබා දීමේ කටයුතු කර දෙන බව පවසා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ඉල්ලා ලබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල ලබා දීම යන චෝදනා මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පුද්ගලයෙකු, පිළිමතලාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය නොවන සංවිධානයක සම්බන්ධීකාරකවරයෙකු ය.

සැකකරුවන් ඊයේ (22) කොළඹ ප්‍රසිද්ධ හෝටලක් තුළදී අල්ලස් මුදල් ලබා ගැනීමට තැත් කිරීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.