WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වගුරුබිමක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

2025 March 23- Page Views : 1187

බටපොළ, ගල් හිරේ, බොරළු ඇළ ආසන්න වගුරුබිමක තිබී සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ 24 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු බවට ඔහුගේ මව විසින් හඳුනාගෙන ඇති බව පොලීසිය පැවසීය.

එම තරුණයා පසුගිය 16 වැනිදා බටපොළ ප්‍රදේශයේ විවාහ මංගල්‍යයක් සඳහා සහභාගී වීමට නිවසින් පිටත්ව ගොස් ඇති අතර යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් මව විසින් පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබූ බව සඳහන්ය.

මේ අතර වාද්දුව වෙරළ තීරයේ තිබී සැකකටයුතු මියගිය තවත් පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගත් බව වාද්දුව පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ වාද්දුව ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.