දළදා මාලිගාවෙන් පැහැදිලි කිරීමක්
2025 March 24- Page Views : 1187
ශ්‍රී දළදා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ දැන්වීමක් පිළිබඳව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව පැහැදිලි කිරීමත් සිදු කරනවා.
දළදා මාලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මහජනතාව වෙත දැනුම් දී ඇත්තේ 'සිරි දළදා වන්දනාව' වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව සහ රජය විසින් සපයනු ලැබේ.
දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් කැමති භාණ්ඩ ආධාර ලබාදිය හැකි බවට, මුදල් ආධාර ලබාදේ පිරිසට බැංකු ගිණුමක තොරතුරු සඳහන් කර ඇති පරිදි මුදල් බැරකර හැකි බවත්, පවසමින් සමාජ ජාල ඔස්සේ ව්යාජ දැන්වීමක් හුවමාරු වන බව දළදා මාළිගාව සඳහන් කළේය.
කෙසේ වෙතත්, ශ්‍රී දළදා මාලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ පෙනී සිටින්නේ, මෙම දැන්වීම සම්පුර්ණයෙන්ම ව්යාජ එකක්.
කිසියම් භාණ්ඩ හෝ සංවිධානයකට ගබඩා කිරීමට වෙනත් කිසිදු සංවිධානයක් නොමැති බව ද එහි දැක්වේ.