WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාතර – නූපේ උත්සව භාණ්ඩ ආයතනයක ගින්නක්

2025 March 24- Page Views : 1187

මාතර, නූපේ ප්‍රදේශයේ පිහිටි උත්සව භාණ්ඩ සපයන ආයතනයක අද (24) අලුයම ගින්නක් හට ගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් අදාළ ආයතනය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ගින්න හේතුවෙන් එහි දේපොළ සියල්ල සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

මාතර හා ගාල්ල ගිනි නිවීමේ ඒකකය, මාතර පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කර තිබෙනවා.