ලක්නව් පරදා දිල්ලි කණ්ඩායමට ජය
2025 March 25- Page Views : 1187
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතර ඊයේ (24) පැවති තරගයෙන් කඩුලු 1 ක තියුණු ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 209 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසනයේ කඩුලු 9 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් Ashutosh Sharma නොදැවී පන්දු 31 කින් ලකුණු 66 ක් වාර්තා කළා.