හිටපු ලොක්කෙක් දුවටත් මැතිසබේ වාහනයක් දීලා
2025 March 25- Page Views : 1187
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිය දියණියගේ ගමනාගමන කටයුතු සඳහා බොහෝ කාලයක් එහි වාහනයක් සහ ඉන්ධන භාවිතා කර ඇත පාර්ලිමේන්තු වාහන සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.
පාර්ලිමේන්තුවේ වාහනයක් අම්පාර ප්‍රදේශයට නිතර ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත සොයා බැලීමකදී මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර එහි ආරංචි මාර්ග වලින් පැවසේ.
මෙම ප්‍රධානියා පසුගිය වසර දහයේදී සිය නිල බලය භාවිතා කරමින් වාහන දෙකක් පරිහරණය කර ඇත බවටත් සිය වාහන සඳහා සීමාවකින් තොරව භාවිතා කිරීමට ඇති බවටත් විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු හෙළිවී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාරක සභා සභාපතිවරු සහ මහ ලේකම්වරුන් පසුගිය වසර දහයේදී වාහන සහ ඉන්ධන භාවිතා කළ ආකාරය සම්බන්ධයෙන් කරුණු සොයා ගැනේ බැලීම සඳහා කතානායක සහ ජගත් වික්‍රමරත්න මහතාගේ නියෝගයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇත.
මෙම විමර්ශනයේදී පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානී පාවිච්චි කරන ලද වාහන සහ ඉන්ධන සම්බන්ධ තොරතුරු දැනටමත් අනාවරණය වී ඇති බව දැනගන්නට ඇත.