WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නවසීලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.7ක ප්‍රබල භූකම්පනයක්

2025 March 25- Page Views : 1187

නවසීලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් පිහිටි පැසිෆික් සාගරයේ රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ස්නේරස් දූපත්වලට වයඹ දෙසින් කිලෝමීටර 160ක් පමණ දුරින් පොළොව අභ්‍යන්තරයේ මෙම භූකම්පනය හටගෙන ඇති බවයි.

ඒ හේතුවෙන් නවසීලන්තයේ සවුත්ලන්ඩ් සහ ෆියෝඩ්ලන්ඩ් කලාපවල පදිංචිකරුවන් එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට එරට ජාතික හදිසි කළමනාකරණ ආයතනය දැනුම් දී තිබෙනවා.

2011 වසරේදී නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි සිදුවූ 6.3ක ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 185 දෙනෙකු මියගියා.