WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉංගිරියේදී බස් රථයක් ලොරියක ගැටීමෙන් පාසල් සිසුන් 15 දෙනෙකු රෝහලට

2025 March 27- Page Views : 1188

හොරණ, රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල අසලදී පෞද්ගලික බස් රථයක් සහ කුඩා ලොරියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබූවන් අතර ලොරියේ රියදුරු සහ සහායකයාද වන බවයි.

තුවාල ලැබූවන් ඉංගිරිය දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි ලොරි රියදුරු සහායක ඇතුළු පාසල් සිසුන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

පෞද්ගලික බස් රථයේ හොරණ දෙසට පැමිණෙමින් සිටියදී හා කුඩා ලොරිය ඉංගිරිය දෙසට ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර වී තිබුණා.

ඉංගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.