පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට
2025 March 27- Page Views : 1188
ගුල්ලන් ඇතුලු කෘමීන්ගෙන් පිරුණු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබෙනවා.
පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් අංශයට ලැබුණ තොරතුරකට අනුව මෙහෙයුමක් සිදුකළා.
ඒ කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේයි.
එහිදී ගුල්ලන් ඇතුලු කෘමින්ගෙන් පිරි තිබූ තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 50කට අධික ප්‍රමාණයක් පෞද්ගලික ආනයන ගබඩාවක තිබිය දී සොයා ගැණුනා.
නැවත ඇසුරුම් කර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා මෙම පිටි ගබඩා කර තිබූ බවටයි විශ්වාස කෙරෙන්නේ.
ගබඩාවට මුද්‍රා තබා පිටි තොගය සිය භාරයට ගත් පාරිභෝගික නිලධාරීන් සැකකරුවන්ට එරෙහිව නඩු පවරන බව සඳහන් කළා.