WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෙරට මිරිදිය ධීවර කර්මාන්තය වෙනුවෙන් ජපානයේ සහ FAO සහාය

2025 March 27- Page Views : 1189

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ජපාන රජයේ අරමුදල් ආධාරයෙන් සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) සමඟ සහයෝගයෙන්, අම්පාර ඉඟිනියාගල පිහිටි NAQDA ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ වැඩිදියුණු කරන ලද අභිජනනාගාරය විවෘත කළ අතර සජීවී මත්ස්‍ය පැටවුන් ප්‍රවාහනය සඳහා බවුසර් තුනක් නිල වශයෙන් භාර දී තිබෙනවා.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ජපාන තානාපති ගරු අකියෝ ඉසෝමාටා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය මගින් අභ්‍යන්තර ධීවර කර්මාන්තයේ නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සහ ග්‍රාමීය ධීවර ප්‍රජාවන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සඳහා රජයන් දෙකෙහිම කැපවීම මෙහිදී අවධාරණය කෙරුණා.

අලුතින් වැඩිදියුණු කරන ලද අභිජනනාගාරය සහ සජීවී මත්ස්‍ය පැටවුන් ප්‍රවාහන බවුසර් සැපයීම මගින් අභ්‍යන්තර ජල මූලාශ්‍ර සඳහා ගුණාත්මක මත්ස්‍ය පැටවුන් අභිජනනය, ඇති දැඩි කිරීම සහ බෙදා හැරීම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ලැබේ.

එසේම, මිරිදිය ධීවර නිෂ්පාදනය ඉහළ නංවන අතර දේශීය ධීවර ප්‍රජාවන් සඳහා ස්ථාවර පෝෂණ මාර්ගයක් සහ ආදායම් මාර්ගයක් සහතික කෙරේ.

මෙම මුලපිරීම විසින් ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කටයුතු ශක්තිමත් කිරීම සහ තිරසාර ජලජීවී වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා FAO විසින් NAQDA සමඟ හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබන ජපානය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3ක අරමුදල් සපයන ව්‍යාපෘතියේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදි.

ඉඟිනියාගල මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීමට අමතරව, මෙම ව්‍යාපෘතිය මගින් තවත් NAQDA ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථාන තුනක් සහ දැනට ක්‍රියාත්මක ප්‍රජාව විසින් ක්‍රියාත්මක කරන කුඩා මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් ද ශක්තිමත් කෙරෙනවා.

ඒ අතරම මඩකලපුව, අනුරාධපුර සහ මොනරාගල යන ප්‍රදේශවල නව ප්‍රජාව විසින් ක්‍රියාත්මක කරන කුඩා අභිජනන මධ්‍යස්ථාන තුනක් ද ස්ථාපිත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ දියුණුව සඳහා උපායමාර්ගික හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා විසින් මෙසේ පෙන්වා දෙන ලදි:

“මෙම ව්‍යාපෘතිය සහයෝගීතාවයේ බලයට සාක්ෂියක් වෙනවා. අභිජනනාගාර මෙහෙයුම් ශක්තිමත් කිරීමෙන් සහ සජීවී මත්ස්‍ය පැටවුන් ප්‍රවාහනය වැඩිදියුණු කිරීමෙන්, රට පුරා සිටින ධීවර පවුල් දහස් ගණනකට ප්‍රතිලාභ සැලසෙන වඩාත් ඵලදායී හා තිරසාර මිරිදිය ධීවර කර්මාන්තයක් සහතික කළ හැකියි.”