මිලේනියම් සිටි නඩුවෙන් පොලිස් අධිකාරී උඩුගම්පොළ නිදහස් වෙයි
2025 March 27- Page Views : 1190
මිලේනියම් සිටි යුද හමුදා බුද්ධි නවස්නය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික ආරක්ෂාව අනතුරේ හෙලු බවට වන චෝදනාවලින් හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ නිදොස් කොට නිදහස් කෙරුණා.
අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ බවත්වාගෙන ගිය යුද හමුදා බුද්ධි ආරක්ෂක නිවස්නය වටලා එහි සිටි බුද්ධි අංශ නිලධාරීන් හා මෙහෙයුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීම සිදු වුයේ 2002 ජනවාරි දෙවනදායි.
මේ සම්බන්ධයෙන් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට අධිචෝදනා ගොනු කර තිබුණා.
ඒ මෙම තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීම තුළින් රටේ භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව අනතුරට ලක්කරන ආකාරයට කටයුතු කරමින් රාජ්‍ය නිල රහස් පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමිනුයි.
වසර 20කට ආසන්න කාලයක් පැවති මෙම නඩු විභාගය අවසානයේ කොළඹ මහාධිකරණය අද එහි තීන්දුව ප්‍රකාශයට පත් කළේ.
ඒ කුලසිරි උඩුගම්පොළ මහතා අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමිනුයි.