උතුරු කොරියාවෙන් තවත් සොල්දාදුවන් 3,000ක් රුසියාවේ සහයට
2025 March 27- Page Views : 31 යුක්රේනයට එරෙහි යුද්ධයට රුසියාවේ සහය සඳහා උතුරු කොරියාව තවත් සොල්දාදුවන් 3,000ක් යවා ඇතැයි දකුණු කොරියාව ප්‍රකාශ කළා.
ඒ අනුව මේ වන තෙක් උතුරු කොරියාවෙන් රුසියාවට අවම වශයෙන් සෙබලුන් 11,000කට ආසන්න සංඛ්‍යාවක් යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එසේම එලෙස යැවූ සෙබලුන්ගෙන් 4,000ක් පමණ යුද්ධයේදි මිය ගොස් හෝ තුවාල ලබා ඇති බව ද දකුණු කොරියානු වාර්තා සදහන් කළා.