පුංචි ඡන්දෙ වියදම් සීමා එළියට
2025 March 27- Page Views : 1188
පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් මැතිවරණ කොම්ෂන් සභාව විසින් අද ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
මේ අනුව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැක්කේ රුපියල් 74 සහ 160 අතර මුදලකි.
ඡන්දය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 366 වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් මෙම මුදල ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
මැතිවරණවලදී ඡන්ද දායකයන්ට අල්ලස් හෝ තුටු පඬුරු දීමෙන් ඡන්ද ලබා ගැනීම වැළැක්වීම සඳහා කොමිසම සිය බලතල අනුව යමින් මෙම පියවර ගෙන ඇත.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම පසුගිය 24 වැනිදා ආරම්භ කෙරිණ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි මස 6 වැනිදා පැවැත්වේ.