WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බාල බෙහෙත් ගේන්න කිව්වේ කෙහෙළිය

2025 March 28- Page Views : 1187

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන්වීම සඳහා ඉන්දීය ඖෂධ සමාගමේ නම යෝජනා කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාගේ උපදෙස් මත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙරේදා අනාවරණය කළහ.

මේ තොරතුරු අනාවරණය වූයේ අදාළ සෞඛ්‍ය අංශු නිලධාරීන් ඕෆ් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමේදීය.

එම ඖෂධ වෙනුවෙන් සේවරිට් සමාගම ඇතුළත් කිරීමට උපදෙස් දුන්නේ ලේකම්වරයා බවත් ලේකම්වරයාට උපදෙස් දුන්නේ කෙහෙලිය රඹුක්කැල්ල අමාත්‍යවරයා බවත් අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.

ඒ සැපයුම්කරු කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට යෝජනාවක් දී තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසීය.

වෛද්‍ය සැපයුම් මංශයේ ඖෂධ 151ක් සහ ශල්‍ය වෛද්‍ය උපකරණ 5278ක් ශූන්‍ය මට්ටමක පවතින බවට තොරතුරු තිබුණේදැයි කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා මෙහිදී ප්‍රශ්න කළේය.