සත්ත්ව සංගණනයේ වාර්තාව අද
2025 March 28- Page Views : 1187
වන සතුන් සම්බන්ධයෙන් සිදු කළ සංගණනයට අනුව එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි.ලාල්කාන්ත මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ වගා හානි සිදු කරන රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ සංගණනයේ වාර්තාව අද (28) දිනයේ එළිදැක්වීමට බලාපොරොත්තු වන බවයි.
මහනුවර ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළා.
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පළමුවරට ක්‍රියාත්මක කළ සත්ත්ව සංගණනය පසුගිය 15 වැනිදා දිවයින පුරා පැවැත්වුණා.