ලංකා-ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍ර සංගමයක්
2025 March 28- Page Views : 1187
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
ඇඟලුම් කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය වැනි අංශවල ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා සම්බන්ධවන ලෙස කථානායකවරයා මෙහිදී ඊජිප්තුවේ ආයෝජකයින්ට ආරාධනයක් කළේය.
දෙරටේ ව්‍යවස්ථාදායක අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සබඳතා වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා-ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.
මෙම අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද සහභාගී විය.