පාසල් ළමුන්ට ලිපි ද්‍රව්‍ය ගැනීමට ලබා දී ඇති වවුචරයේ වලංගු කාලය දීර්ඝ කෙරේ
2025 March 28- Page Views : 1187
පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ලබා දී ඇති රුපියල් 6000ක වවුචරයේ වළංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ එහි වලංගු කාලය අප්‍රේල් මස 30 වැනි දක්වා දීර්ඝ කර තිබෙනවා.