WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්

2025 March 29- Page Views : 1188

පුද්ගලයකු පැහැරගෙන ගොස් මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනූ ලැබූ වැලිකඩ පොලිසියේ කොස්තාපල්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හතර දෙනකු ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවට පමුණුවනු ලැබීය.

විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බවට පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු පිළිගත් මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය.

කෙසෙල්වත්ත පොලිස් වසම තුළදී පුද්ගලයෙකු පැහැර ගෙන රුපියල් ලක්ෂ 16 ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් පිරිස කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.