WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පුංචි ඡන්දයට අදාළව මැතිවරණ කොමිසමට පැමිණිලි 180ක්

2025 March 30- Page Views : 1187

මේ දක්වා මැතිවරණ පැමිණිලි 180ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 20 වැනිදා සිට 28 වැනිදා දක්වා මෙම පැමිණිලි ලද බවය.

ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව එක් පැමිණිල්ලක්ද, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 179ක් ද මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ලද පැමිණිලි 180 අතුරින් පැමිණිලි 133ක් මේ වන විට විසඳා ඇති බවය.

එමෙන්ම තවත් පැමිණිලි 47ක් විසඳීමට කටයුතු කරමින් ඇති බවද එම කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.