මාරක රිය අනතුරු දෙකක්
2025 March 30- Page Views : 1187
ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරු දෙකකින් තරුණයෙක් සහ කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (29) එම අනතුර සිදුව තිබුණේ චුන්නාකම් සහ කහටගස්දිගිලිය යන පොලිස් වසම්වලින්ය.
චුන්නාකම් පොලිස් වසමේ කන්දරොඩය - පුත්තූර් මාර්ගයේ තුවාක්කෛ ප්‍රදේශයේදී යතුරුපැදියක් එක්වරම අතුරු මාර්ගයකට හැරවීමේදී එම දිශාවටම පිටුපසින් ගමන් කළ යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී එක් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, මයිලන්කාඩු ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.
මේ අතර කහටගස්දිගිලිය පොලිස් වසමේ තම්මැන්නාව - උපුල්දෙනිය මාර්ගයේ කටුකැලියාව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් රියදුරුට නින්දයාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු හා පසුපස අසුනේ ගමන් කළ කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී කාන්තාව මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, උපුල්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි කාන්තාවකි.