විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට
2025 March 30- Page Views : 1187
කෑගල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පෙරේදා (28) දහවල් කාලයේ කෑගල්ල මහ රෝහල ඉදිරිපිටදී පුද්ගලික ආරවුලක් මත අදාළ පුද්ගලයා විසින් විශේෂඥ වෛද්‍යවරයාට පහරදී ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. තුවාල ලැබූ වෛද්‍යවරයා මේ වන විට කෑගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. අත්අඩංගුවට ගත් සැකකරු කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.