WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගාසා තීරයේ නව සටන් විරාම යෝජනාවට හමාස් එකඟතාව

2025 March 30- Page Views : 31

ගාසා තීරයේ නව සටන් විරාම යෝජනාවට හමාස් සංවිධාන එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ගාසා තීරයෙන් පිටත සිටින ජ්‍යෙෂ්ඨතම හමාස් නායක කලීල් අල්-හයියාම් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඊජිප්තු සහ කටාර් මැදිහත්කරුවන් විසින් එවන ලද සටන් විරාම යෝජනාවක් තම සංවිධානය අනුමත කර ඇති බවය.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය සඳහන් කර ඇත්තේ එම සැලැස්ම ඊශ්‍රායල අගමැතිවරයාට ලද බවත් එක්සත් ජනපදය සමග පූර්ණ සම්බන්ධීකරණයෙන් මැදිහත්කරුවන්ට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කළ බවත්ය.

ඒ අනුව දෙපාර්ශ්වයම එකඟ වන්නේ නම් රාමසාන් මාසයේ අවසාන දිනයේදී මෙම සීමිත සටන් විරාමය ආරම්භ විය හැකි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.