ව්‍යාජ අංක තහඩු සකස් කරන ස්ථානයක් වටලයි
2025 March 30- Page Views : 1187
ව්‍යාජ අංක තහඩු සකස් කරන ස්ථානයක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කර තිබුණේ .
සීදූව පොලිස් වසමේ මීගමුව පාර, සීදූව ප්‍රදේශයේ මෙම ස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා.
අත්අඩගුවට ගත් සැකකරු සියඹලාගහවත්ත, සීදූව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙක්
මොහු සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද අංක තහඩු 03 ක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලාංඡනය සහිත ස්ටිකර් කොලයක්, ජනරජ ලාංඡන 67ක් සහිත ස්ටිකර් කොලයක් සහ අංක තහඩු සකස් කිරීමේදී යොදාගන්නා ස්ටිකර් කොලයක් ඇතුළු දේපල පොලිස් භාරයට ගෙන තිබෙනවා.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.