පෙට්‍රල් මිල පහළට
2025 March 31- Page Views : 1187
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 299කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 361ක් වනු ඇත.
සෙසු මිල ගණන් නොවෙනස්ව පවතින බවද ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 286ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලිටරයක මිල රුපියල් 331කි.
එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල රුපියල් 183කි.