WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විනෝද චාරිකාව මරණයකින් කෙළවර වෙයි

2025 March 31- Page Views : 1187

කෝකිලායි පොලිස් වසමේ නයාරු වෙරළ තීරයේ දිය නාමින් සිටි තරුණියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (31) දහවල් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියෙකි.

විනෝද චාරිකාවක් සඳහා පුදුකුඩිඉරප්පු ප්‍රදේශයේ සිට පැමිණි ඇගලුම් පාඨමාලවක් හදාරන ශිෂ්‍යාවන් හා එහි ගුරුවරිය ඇතුළු 16 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් නයාරු වෙරළ තීරයේ දිය නාමින් සිටියදී තරුණියන් දෙදෙනෙකු මුහුදට ගසාගෙන ගොස් ඇත.

එම අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට උත්සහ කළ ගුරුවරියද ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව පොලීිසය පවසයි.

නාවික හමුදා නිලධාරින් විසින් ගුරුවරිය හා එක් තරුණියක් බේරාගෙන ඇති අතර අනෙක් තරුණිය දියේ ගිලී අතුරුදන් වී ඇත.

අනතුරුව පොලීසිය, නාවික හමුදා නිලධාරින් සහ ප්‍රදේශයේ ධීවර ජනතාව එක්ව සිදුකළ මෙහෙයුමකදී අතුරුදන් වු තරුණියගේ මෘත ශරීරය නයාරු නාවික හමුදා කඳවුර පිටුපස වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගෙන තිබේ.

බේරාගත් දෙදෙනා මේ වන විට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මියගිය තරුණියගේ මෘත ශරීරය මාන්තෝල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

කෝකිලායි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.