WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පළමු පාසල් වාරයේ දෙවන අදියර අද ඇරඹේ

2025 April 01- Page Views : 1187

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරයේ දෙවන අදියර අද (01) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.

පළමු පාසල් වාරයේ පළමුවන අදියර පසුගිය 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් වුණා.

මේ අතර රාමසාන් උත්සවය සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ඊයේ (31) දිනට අමතරව අද( 2025.04.01 )දින ද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.