IndiGo ගුවන් සේවය තිරුචිරප්පල්ලි සහ යාපනය අතර දෛනික සෘජු ගුවන් ගමන් හඳුන්වා දෙයි
2025 April 01- Page Views : 1187
IndiGo ගුවන් සේවය ඉන්දියාවේ තිරුචිරප්පල්ලි හා යාපනය සම්බන්ධ කරමින් දෛනික සෘජු ගුවන් ගමන් නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව වසර 47 කට පසුව යාපනය හා ට්‍රිචී ගුවන් තොටුපල අතර මුල්ම මගී ගුවන් යානය පසුගියදා (30) දා යාපනය ගුවන් තොටුපල වෙත ළගා වුණා.
මෙම ගුවන් යානයෙන් මගීන් 27 ක් ට්‍රිචී සිට පැමිණි අතර, ආපසු එම ගුවන් යානය පිටව යද්දී යාපනයෙන් මගීන් 36 ක් ට්‍රිචී ගුවන් තොටුපල වෙත රැගෙන ගොස් තිබෙනවා.