ත්‍රිරෝද ගාස්තු අඩු කරන්න බෑ
2025 April 01- Page Views : 1188
පෙට්‍රල් මිල අඩුවුවද ත්‍රිරෝද ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මහතා පැවසීය.
ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් තුළින් වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීමට රජය මැදිහත් විය යුතු බවත් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 10 ක් පමණක් අඩුවී තිබීම නිසා කිලෝමීටරයකට ශත 50 ක් අඩු කිරීම ප්‍රායෝගික නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.