WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තරුණියන් දෙදෙනා මුහුදට බිලි

2025 April 01- Page Views : 1187

මුලතිව් නයාරු මුහුදු කලාපයේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනකු ඊයේ (31) දියේ ගිලි මියගොස් ඇතැයි මුලතිව් කෝකිලායි පොලීසය සදහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ මැහුම් පාඨමාලාවක් හදාරමින් සිටි සිසුවියන් දෙදෙනකු බව පොලිසිය සදහන් කරයි.

මෙම සිසුවියන් දෙදෙනා ඇතුළු සිසුවියන් කණ්ඩායමක් සිය ගුරුවරිය සමඟ මෙම මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව තිබේ.

මුලතිව් වල්ලිපුනම් පදිංචි වයස අවුරුදු 19 ක හා 20 ක තරුණියන් දෙදෙනක්  මෙසේ මියගොස් ඇති බව හඳුනාගෙන ඇතැයි  පොලීසිය සඳහන් කරයි