WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඩයගමින් අතුරුදහන් වූ තරුණියගේ සිරුර කොත්මලේ ජලාශයේ තිබී හමුවෙයි

2025 April 01- Page Views : 1187

ඩයගම ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි 21 ක් හැවිරිදි තරුණියගේ සිරුර ඉහළ කොත්මලේ ජලාශයේ තිබී අද (01) හමුවූ බව තලවකැලේ පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, මෙලෙස හමුවූ මෘත දේහය ඩයගම පොලිස් වසමට අයත් ආගරපතන, පෝඩ්මෝර් වතුයායේ පදිංචිව සිටි කාලිමුත්තු මගාලෙච්චුමී නැමැති තරුණියගේ බවයි.

එම තරුණිය දින 03ක සිට නිවසින් අතුරුදහන්ව ඇති බවට ඇගේ දෙමව්පියන් විසින් ඩයගම පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඉහළ කොත්මලේ ජලාශය හරහා ඉදිකර ඇති දුම්රිය පාලමට ආසන්නයේ නාඳුනන කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් තලවකැලේ පොලිසිය වෙත ලබා දුන් තොරතුරක් මත පාවෙමින් තිබූ මළසිරුර ගොඩගැනීමෙන් පසු ඥාතීන් විසින් එම සිරුර හඳුනාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් තරුණිය නිවසින් අතුරුදහන් වී ඇති බවට එම තරුණියගේ ඥාතීන් විසින් ඩයගම පොලිසියට කල පැමිණිල්ලේ සදහන් කර ඇති අතර, මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ජලාශයේ තිබී ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.