සීගිරිය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයින්ට පොදු සනීපාරක්ෂක පහසුකම් පද්ධතියක්
2025 April 02- Page Views : 1187
Clean Sri Lanka වැඩසටහන යටතේ නාගරික ප්‍රදේශවල පොදු සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 350ක මුදලක් වෙන් වී ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ නිලන්ත පරණගම මහතා පවසනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කය සඳහා ද රු. මිලියන 30ක මුදලක් වෙන්ව තිබෙන බවත් ඒ යටතේ දඹුල්ල මහ රෝහල ඉදිරිපිට පොදු වැසිකිලි පද්ධිතිය නවීකරණය කිරීමට රු. මිලියන 10ක් ද සීගිරිය හෝටල් හන්දියේ දෙස් විදදෙස් සංචාරකයින්ගේ පහසුව පිණිස නවීන පහසුකම් සහිත පොදු වැසිකිලි පද්ධතියක් ස්ථාපිත කිරීමට රු. මි. 20ක මුදලක් වෙන්ව ඇති බව සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙම ව්‍යාපෘති නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ව්‍යාපෘති දෙක සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය හිමිවී තිබෙනවා.