අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
2025 April 02- Page Views : 1187
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් මුල්ලේරියාව පොලිස් වසමේ කැළණි නදී මාවතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 260ක් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 40ක් වන මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.