පාකිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 4.3ක භූකම්පනයක්
2025 April 02- Page Views : 31 පාකිස්ථානයේ භූකම්පනයක් සිදුවී තිබෙනවා.
එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 4.3ක් ලෙසයි.
ජාතික භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) සඳහන් කළේ අද (02) අලුයම 2.29ට පමණ මෙම භූ කම්පනය ඇතිවූ බවයි.
භූකම්පනය බලොචිස්තානයේ සිට කිලෝමීටර් 67ක් නැගෙනහිර -ගිනිකොන දෙසින් සිදුවී ඇති අතර කම්පනවල තීව්‍රතාවය තිබියදීත්, මේ දක්වා කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්කර සිටියේ.