පුංචි ඡන්දයට ඡන්ද පත්‍රිකා නිවාසවලට බෙදා හැරීම අප්‍රේල් 16 සිට 29 දක්වා
2025 April 02- Page Views : 1187
පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා නිවාසවලට බෙදාහැරීම අප්‍රේල් 16 සිට 29 දක්වා සිදු කෙරෙන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසනවා.
අප්‍රේල් 20 විශේෂ දිනයක් සේ සළකා ඒ සඳහා කටයුතු කරන බවයි තැපැල්පතිවරයා පවසන්නේ.
මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මස 22 වනදා ආරම්භ වනවා.
තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 7 වනදා එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාවල දී සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල ,මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය හා නියෝජ්‍ය පොලිස්පති කාර්යාල , පොලිස් අධිකාරි හා සහකාර පොලිස් අධිකාරි කාර්යාල ,පොලිස් ස්ථාන , විශේෂ කාර්ය බලකාය,විශේෂ පොලිස් ඒකක හා ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශය යන ආයතනවල සේවය කරන නිලධාරීන් සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මස 22 වනදා සිදුකිරීමට නියමිතයි.
ත්‍රිවිධ හමුදා කඳවුරු සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදුකෙරෙන්නේ අප්‍රේල් මස 23 සහ 24 යන දිනවලදීයි.
මෙම දිනවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තම සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී අප්‍රේල් මස 28 සහ 29 යන දිනවලදී ද තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ.