අවුරුදු දෙකේ දරුවා බසයට බිලි
2025 April 02- Page Views : 1188
ලංගම බසයකට යටවී අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවෙකු අද(02) මියගොස් ඇති බව කළුතර පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වස්කඩුව ගාලුපාරේ පදිංචිව සිටී නිහංස යෂ් වීරතුංග නැමති දරුවෙකු බව පොලිසිය කීය. බස් රථ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .