කච්චතිව් නැවත ලබාගන්න තමිල්නාඩු ප්‍රධාන ඇමතිගෙන් යෝජනාවක්
2025 April 02- Page Views : 1187
තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා ගත හැකි එකම ස්ථිර විසඳුම කච්චතිව් නැවත ලබාගැනීම බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කේ ස්ටාලින් අවධාරණය කර තිබේ.
කච්චතිව් දූපත සම්බන්ධයෙන් රජයේ යෝජනාවලියක් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරය විසින් රාජ්‍ය සභාව වෙත ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම වහා සමාලෝචනය කර කච්චතිව් නැවත ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා අදාළ යෝජනාව මගින් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා රජය රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස්කර ගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී සාකච්ඡා කළ යුතු බවද ඔහු සඳහන් කර තිබුණි.
මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයා පවසා අත්තේ, තමිල්නාඩු ජනතාවට අතිශයෙන් වැදගත් යෝජනාවක් වන මෙම යෝජනාව ඒකමතිකව සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවය.