මියන්මාර විදේශ ඇමතිගෙන් ශ්‍රී ලංකා රජයට විශේෂ ස්තූතියක්
2025 April 02- Page Views : 1188
මියන්මාර විදේශ අමාත්‍ය Than Swe මහතා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට අද (02) විශේෂ ස්තූතියක් නිවේදනයක් නිකුත් කරමින් පළකර තිබෙනවා.
ඒ භූ කම්පනය හේතුවෙන් ඇති වූ විනාශය පිළිබඳව ශ්‍රී ලංකා රජය මියන්මාර රජයට සහ ජනතාවට යොමු කළ ශෝක පණිවුඩයට ප්‍රතිචාර දක්වමින්.
මියන්මාර විදේශ අමාත්‍යවරයා ස්තූතිය පළ කළේ අමත්‍ය විජිත හේරත් මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගනිමින්.
භූ කම්පනයන් පීඩාවට පත් ජනතාවට හදිසි ප්‍රතිකාර ලබා දීම සඳහා වෛද්‍යවරු කණ්ඩායමක් යැවීමට දැක්වූ උනන්දුව , මානුෂිය ආධාර ලබා දීමට ඉදිරිපත් වීම ගැන ද එරට අමත්‍යවරයා කෘතවේදය පළ කර තිබෙනවා.