WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජපානයට දරුණු ගණයේ අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකාවට බලපෑමක් තිබේද?

2025 April 02- Page Views : 1187

ජපානයේ ශාන්තිකර පැසිෆික් වෙරළබඩ තීරය ආශ්‍රිතව සිදුවිය හැකි දරුණු ගණයේ භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ තුනකට පමණ දිවි අහිමිවනු ඇති බවට ජපානය අනතුරු අගවනවා.

විශ්ලේෂකයින් පිරිසක් විසින් කරන ලද එම පුරෝකතනයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ භූ කම්පනය හේතුවෙන් ජපානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් හානි වනු ඇති බවයි.

දහස් ගණනකට දිවි අහිමි කර තවත් විශාල පිරිසකට උන්හිටි තැන් අහිමි කළ මියන්මාරයේ දරුණු භූ කම්පනයේ උණුසුම මැකී යන්නටත් පෙර ඊටත් වඩා දරුණු ගණයේ භූ කම්පනයක් ගැන ජපානය පසුගිය සදුදා අනතුරු ඇඟවීම් නිකුත් කළා.

ඒ ජපානයේ නගෝයා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ඒ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණයක වාර්තාවක් හරහායි.

එම වාර්තාව ජපාන රජයේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වෙත පසුගියදා භාරදුන් අතර, එම වාර්තාව මඟින් මෙම දරුණු ගණයේ භූ කම්පනය ගැන අනාවැකි රැසක් පළ කර තිබෙනවා.

එම වාර්තාවෙන් ඔවුන් පුරෝකතනය කරන්නේ ජපානයට කිලෝමීටර් 700 ක් දකුණු දිගින් පිහිටි ශාන්තිකර පැසිෆික් මුහුදු කලාපයේ නන්කායි භූ තැටිය ආශ්‍රිතව මෙම කම්පනය සිදුවන බවයි.

කිලෝමීටර් 900 ක් දිග එම සාගර අගලේ රික්ටර් මාපක 8 ත් 9 ත් අතර දරුණු ගනයේ භූ කම්පනයක් සිදුවිය හැකි බවත්, ඒ හරහා සිදුවිය හැකි සුනාමි තත්ත්වය සහ ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙන් රටවල් කිහිපයකටම දැවැන්ත හානියක් සිදුවිය හැකි බවත් එම වාර්තාවෙන් ඔවුන් පෙන්වාදෙනවා.

පර්යේෂකයින් අනතුරු අඟවන්නේ ජපානය කේන්ද්‍ර කරගෙන හටගත හැකි මෙම දැවැන්ත භූමිකම්පාවේ අගය රික්ටර් මාපකයේ ඒකක 9ක් වශයෙන් සටහන් වුවහොත් ජපානයේ ජනගහනයෙන් දස ලක්ෂකට වැඩි පිරිසක් ඔවුන් සිටින ස්ථානවලින් ඉවත් කරගැනීමට සිදුවන බවයි.

එමෙන්ම, මෙම භූ කම්පනයෙන් ඇතිවිය හැකි ගොඩනැගිලි කඩා වැටීම් සහ සුනාමි තත්ත්වය හේතුවෙන් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් මියයෑමේ අවධානමක් පවතින බවත්, 950,000 කට පමණ තුවාල සිදුවිය හැකි අතර නිවාස ලක්ෂ 25 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ විය හැකි